Ultimate magazine theme for WordPress.

අවසන් සටනට යන්නේ කවුද ? පාකිස්තානය ද? නැවතත් නවසීලන්තය ද?

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේ පළමු අවසන් පූර්ව තරගය අද(9) පැවැත්වෙනවා.

ඒ, ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් පාකිස්තානය හා ප්‍රසාද ලකුණු සටහනේ පළමු කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත් නවසීලන්තය අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පාකිස්තානය 2009 වසරේ දී 20යි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වුවද, නවසීලන්තය මෙතෙක් 20යි 20 ලෝක ශූරතාවයක් දිනා ගෙන නැහැ.

පාකිස්තානය පසුගිය වසරේ පැවැති 20ය 20 ලෝක කුසලාන තරගාවලියේ ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර, එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් වුණා.

පසුගිය වසරේ පැවැති තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ නවසීලන්තය එහිදී ඔස්ට්‍රේලියාව හමුවේ ලද පරාජය හේතුවෙන් අනුශූරතාවයෙන් පමණක් සෑහීමකට පත් වීමට ඔවුන්ට සිදු වුණා.

සිඩ්නි ප්‍රදේශයට අද දිනයේ දී වර්ෂාව ඇති වීමේ සම්භාවිතාවක් ඇති බවට අනාවැකි පලව ඇතත්, තරගය ආරම්භ වන අවස්ථාව වන විට වර්ෂාව පහව යනු ඇති බවටයි අනාවැකි පලව ඇත්තේ.

සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත් ඉන්දියාව අවසන් පූර්ව වටයේ දී තරග වදින්නේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් එංගලන්තයට එරෙහිවයි.

එම අවසන් පූර්ව තරගය හෙට (10 වැනිදා) ඇඩිලේඩ් හී දී පැවැත්වීමට නියමිතයි.

Show Comments (1)