Ultimate magazine theme for WordPress.

අවසන් පූර්ව තරග දින නියමයක් නොමැතිව කල් යයි

අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (07) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට තරග සංවිධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ, රට තුළ යළිත් ඇතිව තිබෙන කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන්.

සෞඛ්‍ය බලධාරීන් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පූර්වාරක්ෂාවක් ලෙසින් මෙම තීරණයට එළැඹීමට තරග සංවිධායක කමිටුව තීරණය කර ඇති බව සදහන්.

ඒ අනුව අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග 2, එනම්, එස්. එස්. සී. සහ බදුරලිය අතර තරගයත් කෝල්ට්ස් සහ ලන්කන් අතර තරගයත් යළි තරග පැවැත්වීමට සුදුසු දිනයක දී පැවැත්වීමට කටයුතු යොදනු ඇති.

(Source – SLC)

Leave a comment