Ultimate magazine theme for WordPress.

අවසන් පූර්ව තරගය අභියස ඉන්දියාවට ආබාධ ප්‍රශ්නයක් ?

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – එංගලන්ත අවසන් පූර්ව තරගය පැවැත්වීමට දින දෙකක් පමණක් ඉතිරිව ඇති පසුබිමක ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා ආබාධයකට ලක්ව තිබෙනවා.

පුහුණුවීම් අතරතුර දී යි ඉන්දීය නායකයා මෙලෙස දකුණු අතෙහි ආබාධයකට ලක්ව ඇත්තේ.

පුහුණු දැල් තුළ පිතිකරණයේ නිරතව සිටියදී පන්දුවක් අතේ වැදීමෙන් මෙම ආබාධය සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී ම ඔහුට මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙනවා.

අනතුරුව ඔහු යළිත් පිතිකරණයේ නිරත වීමට උත්සාහ දරා ඇතත්, එක් පන්දුවකට පමණක් මුහුණ දීමෙන් පසු ඔහු පුහුණු දැල් තුළින් ඉවත්ව ගොස් ඇත්තේ යම් වේදනාවකින් පසු වීම හේතුවෙන්.

අනතුරුව ඔහුට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දීමට පියවර ගෙන තිබූ බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පැය භාගයකට පමණ පසුව රෝහිට් ෂර්මා පුහුණු දැල් තුළ යළිත් කිසිදු අපහසුතාවයකින් තොරව පන්දුවට පහර දී ඇති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

20යි 20 ලෝක කුසලානය යටතේ පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය අනිද්දා(10) ඇඩිලේඩ් හී දී ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිතයි.

Show Comments (1)