Ultimate magazine theme for WordPress.

අවසන් ටෙස්ට් තරග දෙක සදහා තරග නිළධාරීන් නම් කෙරේ

ඉන්දියාව සහ එංගලන්ත අතර පැවැත්විමට නියමිත අවසන් ටෙස්ට් ක්‍රිකට් තරග දෙක සදහා වන තරග නිළධාරීන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පළමු තරග දෙක සදහා නම් කෙරුණු විනිසුරුවන් සහ තරග තීරකවරයාම එම තරග සදහා ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජවගල් ශ්‍රීනාත් සියලු තරගවල තරග තීරකවරයා ලෙස කටයුතු කරනු ඇති.

දෙරට අතර පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර 8 තුළ දී ද ඔහු තරග තීරකවරයා ලෙස කටයුතු කරන බව සදහන්.

අවසන් තරග දෙක සදහා වන තරග නිළධාරීන් :

Third Test : Nitin Menon, Anil Chaudhary (on-field umpires), C Shamshuddin (3rd umpire) and KN Ananthapadmanabhan (4th umpire); Match referee: Javagal Srinath

Fourth Test : Nitin Menon, Virender Sharma (on-field umpires), Anil Chaudhary (3rd umpire) and C Shamshuddin (4th umpire); Match referee: Javagal Srinath

Leave a comment