Ultimate magazine theme for WordPress.

අයි.සී.සී සභාපතිධූරයට නාමයෝජනා භාර ගැනීම 18 වනදා අවසන්

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) මීළග සභාපතිවරයා තෝරා ගැනිමේ නිළවරණ ක්‍රියාවලිය මේ වන විටත් සිදු වෙමින් පවතින බව එම කවුන්සලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සීය අද(12) සදහන් කළේ දෙසැම්බර් මස මුලදී ඊට අදාළ ක්‍රියාවලිය අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

නිළවරණයට ඉදිරිපත්වන්නන්ගේ නාමයෝජනා වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් විසින් ඔක්තෝබර් 18 වනදා වන විට ඉදිරිපත් කළ යුතු බව සදහන්.

අනතුරුව නිළවරණයට ඉදිරිපත් වීමට නම් අදාළ අපේක්ෂකයින්ට වෙනත් අයි.සී.සී අධ්‍යක්ෂවරයෙකුගේ අනුමැතිය ද හිමි විය යුතුයි.

එමෙන්ම අයි.සී.සී සභාපතිධූරයට පත්වීමටනම් අදාළ අපේක්ෂකයා ජගත් ක්‍රිකට් කවුන්සලයේ වත්මන් හෝ හිටපු අධ්‍යක්ෂවරයෙකු ද විය යුතුයි.

අයි.සී.සී සභාපතිධූරයේ කටයුතු කළ ශශාන්ක් මනෝහාර්ගේ ධූර කාලය පසුගිය ජූලි මාසයේ දී අවසන් වීමෙන් පසුව එය මෙතෙක් පුරප්පාඩුව පවතිනවා.

Leave a comment