Ultimate magazine theme for WordPress.

අයි.පී.එල් තරගාවලියට කණ්ඩායම් 10ක් – හිටපු මෙහෙයුම් ප්‍රධානී කියයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2023 වසරේ සිට තවදුරටත් පුළුල් වනු ඇති බව තරගාවලියේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සුන්දර් රමන් පවසනවා. (Sundar Raman)

තරගාවලිය සදහා කණ්ඩායම් 10ක් සහභාගී වීමට ඉඩ ඇති බවත්, තරගාවලිය සති 10ක් පුරා පැවැත්වෙනු ඇති බවත් ඔහුගේ අදහසයි.

හිටපු ප්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා මේ බව කියා සිටියේ Telegraph Sport වෙත අදහස් දක්වමින්.

“එය පුළුල් කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. අයි.පී.එල් තරගාවලිය 2008 වසරට වඩා මේ වන විට වඩාත් පරිණතයි”

යනුවෙන් ඔහු සදහන් කළා.

අයි.පී.එල් තරගාවලිය ආරම්භ වී 2023 වසරට වසර 15ක් සපිරෙන අතර, නව විකාශන අයිතියක් ලබා දෙන වසර ද එම වසර වනු ඇති.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා එක් වන කණ්ඩායම් සංඛ්‍යාව 8ක් .

ඔවුන් අතර එක් තරගාවලියකදී පැවැත්වෙන තරග ප්‍රමාණය 60ක්.

2019 වසරේ දී තරගාවලිය දින 51ක් පුරා පැවැත්වුණ අතර, තරගාවලියේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සුන්දර් රමන් අපේක්ෂා කරන්නේ එය දින 70 ක් පැවැත්වෙන, තරග 94කින් යුත් තරගාවලියක් ලෙස පුළුල් වනු ඇති බවයි.

Leave a comment