Ultimate magazine theme for WordPress.

අයි.පී.එල් ගැන තීරණය කරන්නේ ඉන්දීය රජය බව ක්‍රීඩා ඇමති කියයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට හැකි වනු ඇත්දැයි අවසන් තීරණය ගනු ලබන්නේ ඉන්දීය රජය විසින් බව එරට ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.

එය ඉන්දීය ක්‍රිකට් ආයතනයට තීරණය කළ නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්දියාව ඉදිරියට කොරෝනා වෛරසයට මුහුණ දෙන ආකාරය අනුව අයි.පී.එල් තරගාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බව ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.

අයි.පී.එල් තරගාවලිය නිසි පරිදි පැවැත්විය හැකි වන්නේ මහජන සෞඛ්‍ය සදහා අවධානමක් නොමැති නම් පමණක් බවයි ඔහු වැඩිදුරටත් එරට මාධ්‍යක් වෙත සදහන් කර සිටියේ.

පසුගිය මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්.

ලබන ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කල් දැමීමට තීරණය කළහොත් එම මාසයේ දී අයි.පී.එල් තරගාවලිය ආරම්භ කිරීම පිළිබදව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව සදහන්.

Leave a comment