Ultimate magazine theme for WordPress.

අයි.පී.එල් අවසන් වටයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (playoffs) තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය ලබන 10 වනදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගයද ඩුබායි හී දී ලබන 5 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙක අතර එම තරගය පැවැත්වෙනු ඇති.

අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය අබුඩාබි හී දී ලබන 6 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එම තරගය සදහා සුදුසුකම් ලබන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වන ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් දෙකයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම, අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායම සමග ලබන 8 වනදා අබුඩාබිහී දී තරග වදින්නේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය සදහායි.

ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් වටයේ පළමු තරගයෙන් ජය ගත් කණ්ඩායම සමගින් ලබන 10 වැනිදා අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කරනු ඇති.

අවසන් වටයේ තරග කාලසටහන –

Qualifier 1 – Team 1 vs Team 2 – 05-Nov – 7:30 PM – Dubai

Eliminator – Team 3 vs Team 4 – 06-Nov – 7:30 PM – Abu Dhabi

Qualifier 2 – Winner of Eliminator vs Loser of Qualifier 1 – 08-Nov – 7:30 PM – Abu Dhabi

Final – Winner of Qualifier 1 vs Winner of Qualifier 2 – 10-Nov – 7:30 PM – Dubai

Leave a comment