Ultimate magazine theme for WordPress.

අයියර්ට ඉතිරි තරග දෙක අහිමි වෙයි – IPL තරග රැසකුත් අහිමි වන ලකුණු

ඉන්දීය පිතිකරු ෂ්රෙයස් අයියර්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින ක්‍රිකට් තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු නිමා වූ පළමු එක්දින තරගයේ දී උරහිසක ආබාධයකට ලක්වීම හේතුවෙන්.

එංගලන්ත ඉනිමේ 8 වන පන්දුවාරයේ පන්දු රකිමින් සිටියදී ඔහුගේ වම් උරහිසෙහි මෙම ආබාධය සිදු වුණා.

ආබාධය නිසා අයියර්ට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග රැසක් ද අහිමි වීමට ඉඩ ඇති බව සදහන්.

ඔහු අයි.පී.එල් තරගාවලියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරනවා.

 

Leave a comment