Ultimate magazine theme for WordPress.

අයහපත් අලෝකයට ICCයෙන් විසදුම් අවශ්‍යයයි – ජෝ රූට්

අයහපත් ආලෝක තත්ත්වය යටතේ තරග පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය අවධානය යොමු කළ යුතු බව එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් පවසනවා.

අයහපත් කාළගුණයෙන් දැඩි බාධා එල්ල වූ එංගලන්ත – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.

මෙම තරගයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 134.3ක් පමණයි.

වර්ෂාව, අයහපත් ආලෝක තත්ත්වය සහ ක්‍රීඩාංගනයේ තෙත සහිත තත්ත්වය හේතුවෙන් තරගයේ තෙවැනි දිනය සම්පූර්ණයෙන් අතහැර දැමූ අතර, සිව්වන දිනයේ දී ක්‍රියාත්මක කෙරුණේ පන්දුවාර 10.2ක් පමණයි.

“මම හිතන්නේ නැහැ මම කවදාවත් දැකලා තියෙනවා කියලා අයහපත් අලෝක තත්ත්වය මේ තරම්ම තරගයකට බලපෑම් එල්ල කරපු අවස්ථාවක්”

යනුවෙන් රූට් සදහන් කළා.

“ඒක ඉතාමත් කණගාටුදායක දෙයක්. විනිසුරුවන්ට චෝදනා කරන්න අමාරුයි මෙතනදී. අවංකවම මම දන්නේ නැහැ මොනවද පිළිතුරු කියලා මේකට. මට ඒ ගැන ගොඩක් ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ.”

ඒ අනුව විදුලි ආලෝකය යොදා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් හෝ තරග සදහා යොදා ගන්නා පන්දුවේ වර්ණය පිළිබද මීට වඩා අවධානය යොමු කිරීම වැදගත් බවයි ජෝ රූට් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Leave a comment