Ultimate magazine theme for WordPress.

අයර්ලන්තය අද නෙදර්ලන්තයට

අයර්ලන්ත ක්‍රීඩක Gareth Delany ට නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දණහිසක ඇති වූ ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට Ben White 15 දෙනෙකුගෙන් යුත් අයර්ලන්ත සංචිතයට නම් කර ඇති බව සදහන්.

අයර්ලන්ත කණ්ඩායම අද(30) දිනයේ දී නෙදර්ලන්තය බලා පිටත්ව යන අතර, එම සංචාරයේ දී අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගය ජූනි 2 වනදා පැවැත්වෙන අතර සියලු තරග Utrecht හී දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, තරගාවලිය සදහා වන නෙදර්ලන්ත සංචිතය ද පසුගියදා නම් කෙරුණා.

නෙදර්ලන්ත සංචිතය –

Pieter Seelaar (c), Scott Edward, Max O’Dowd, Stephan Myburgh, Ben Cooper, Bas de Leede, Timm van der Gugten, Logan van Beek, Fred Klaassen, Philippe Boissevain, Vivian Kingma, Brandon Glover, Tobias Visée, Musa Nadeem Ahmad, Saqib Zulfiqar

Leave a comment