Ultimate magazine theme for WordPress.

අයර්ලන්තය සුපර් ලීගයේ 9 වැනි තැනට

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්තය අද(4) සමත් වුණා.

නෙදර්ලන්තයේ Utrecht හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක කණ්ඩායම පන්දුවාර 49.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 157ක් පමණයි.

පිළිතුරු ලෙස අයර්ලන්තය ඉනිම නිමා වීමට පන්දු 42ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් දැවී සිටියදීයි.

නායක Andy Balbirnie නොදැවී ලකුණු 63ක් සහ පෝල් ස්ටර්ලින්ග් ලකුණු 52ක් රැස් කරමින් අයර්ලන්තයට ජය තහවුරු කර දුන්නා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස සම තත්ත්වයට පත්ව තිබෙනවා.

මෙම ජයත් සමග සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 11 වන ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අයර්ලන්තය සමත් වුණා.

නෙදර්ලන්තය 9 වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැස තිබෙනවා.

ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

ප්‍රසාද ලකුණු සටහන –

  1. බංග්ලදේශය : තරග 9 – ප්‍රසාද ලකුණු 50
  2. එංගලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 40
  3. පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  4. ඔස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  5. නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  6. ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  7. බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
  8. ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29 (එක් දඩුවම් ලකුණක්)
  9. අයර්ලන්තය : තරග 8 – ප්‍රසාද ලකුණු 20
  10. නෙදර්ලන්තය : තරග 2 – ප්‍රසාද ලකුණු 10
  11. සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
  12. දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9 (එක් දඩුවම් ලකුණක්)
  13. ශ්‍රී ලංකාව : තරග 6 – ප්‍රසාද ලකුණු 8 (දඩුවම් ලකුණු 2ක්)
Leave a comment