Ultimate magazine theme for WordPress.

අමෙරිකානු තේරීම් කමිටුවට ශ්‍රී ලාංකිකයෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා හිටපු පළමුපෙල ක්‍රිකට් ක්‍රීඩකයෙකු, පුහුණුකරුවෙකු සහ තේරීම් කමිටු සාමාජිකයෙකු වූ සජිත් ප්‍රනාන්දු මහතා අමෙරිකා එක්සත් ජනපද යොවුන් ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කර තිබෙනවා.

Amer Afzaludin ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට අයත් සමස්ත සාමාජිකයින් ගණන 5ක්.

වසර 3ක කාලයක් සදහා සජිත් ප්‍රනාන්දු මහතා තේරීම් කමිටුවට පත් කර ඇති බවයි අමෙරිකානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

48 හැවිරිදි සජිත් ප්‍රනාන්දු මහතා පළමු පෙල තරග 193කට ක්‍රීඩා කර රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 10,700ක්.

එහිදී කඩුලු 269ක් දවා ගැනීමට ඔහු සමත්ව තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2018 වසරේ දී සංවිධාන කළ පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස ද සජිත් ප්‍රනාන්දු මහතා කටයුතු කළ අතර, 2017 වසරේ දී ඔහු ජාතික තේරීම් කමිටුවට ද නම් කෙරුණා.

අමෙරිකා එක්සත් ජනපද යොවුන් ක්‍රිකට් තේරීම් කමිටුව :

Amer Afzaludin (සභාපති), Sajith Fernando, Alvin Kallicharran, Jannisar Khan, Steve Massiah

 

Leave a comment