Ultimate magazine theme for WordPress.

අමීර්, ෆකාර් ඇතුළු ප්‍රබලයින් රැසක් ෆැල්කන්ස් කණ්ඩායමට

පාකිස්තාන ක්‍රීඩකයින් වන මොහමඩ් අමීර්, ඉමාඩ් වසීම් හා ෆකාර් සමාන් 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් Antigua & Barbuda Falcons කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඇන්ටිගුවා සහ බාබියුඩාව කේන්ද්‍ර කර ගනිමින් තරගාවලියට ඉදිරිපත් වන ෆැල්කන්ස් කණ්ඩායම CPL තරගාවලියට පළමු වරට ක්‍රීඩා කරන්නේ මීට පෙර තෙවරක් ශූරතාවය දිනූ Jamaica Tallawahs කණ්ඩායම වෙනුවටයි.

ෆ්ලොරිඩාවේ වෙසෙන ගයානා ව්‍යාපාරිකයෙකු වන Kris Persaud විසින් ජැමයිකා කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ අතර, ඔහු විසින් එම කණ්ඩායම යළි CPL සංවිධායකයින් වෙත අලෙවි කිරීමට පියවර ගත්තා. ඒ, කණ්ඩායම තිරසාර ලෙස පවත්වා ගෙන යාමට ක්‍රමයක් සොයා ගැනීමට නොහැකි වූ බැවින්.

කෙසේ වෙතත්, විශේෂත්වය වන්නේ නව ෆැල්කන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන්නේ ද Kris Persaud ප්‍රධානීත්වය දරන Worldwide Sports Management සමූහයයි.

ඔස්ට්‍රේලියාවේ ක්‍රිස් ග්‍රීන් හා ඇෆ්ඝනිස්ථානයේ අස්මතුල්ලාහ් ඔමර්සායි සමග ද ෆැල්කන්ස් කණ්ඩායම ගිවිසුම්ගත වී ඇති අතර, බ්‍රෙන්ඩන් කිංග් හා ෆේබියන් ඇලන් ද ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්.

ඒ අනුව ජූලි මාසයේ පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී (Draft) තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු සිය සංචිතයට තෝරා ගැනීම සදහා ෆැල්කන්ස් කණ්ඩායමට අවස්ථාව පවතිනවා.

Antigua & Barbuda Falcons Squad:

Imad Wasim, Brandon King, Fabian Allen, Azmatullah Omarzai, Mohammad Amir, Chris Green, Fakhar Zaman, Hayden Walsh, Shamar Springer, Kelvin Pitman, Jewel Andrew, Joshua James

Leave a comment