Ultimate magazine theme for WordPress.

අම්ලා සහ කෝලි අභිබවා යමින් බබාර් අසාම්ගෙන් වාර්තාවක්

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී පාකිස්තාන නායක බබාර් අසාම් නව වාර්තාවක් පිහිටුවීමට පසුගියදා(2) සමත් වුණා.

ඒ, එක්දින ශතක 13ක් රැස් කිරීම සදහා අවම ඉනිම් සංඛ්‍යාවක් ක්‍රීඩා කළ පිතිකරුවා බවට පත් වෙමින්.

ඔහු ඒ සදහා ඉනිම් 76ක් ක්‍රීඩා කර තිබූ අතර, මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලා ඉනිම් 83කින් ශතක 13 සම්පූර්ණ කර තිබුණා.

විරාට් කෝලි සහ ක්වෙන්ටන් ඩී කොක් ඒ සදහා ක්‍රීඩා කර තිබූ ඉනිම් සංඛ්‍යාව 86ක්.

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා මැග් ලෙනින් ද සිය ශතක 13 වාර්තා කිරීම සදහා ක්‍රීඩා කර තිබුණේ ඉනිම් 76ක් පමණයි.

Leave a comment