Ultimate magazine theme for WordPress.

අබුඩාබි T10 ලීග් තරගාවලියේ දින ප්‍රකාශයට පත් කෙරේ

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියරේ තරග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ලබන නොවැම්බර් 19 වනදා ආරම්භ වන බවයි තරගාවලි සංවිධායක කමිටුව සදහන් කළේ.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද මෙම වසර අග භාගයේ දී පැවැත්වීමට නියමිත අතර, එය නොවැම්බර් 15 වැනිදා අවසන් වීමට නියමිතයි.

දින 10ක් පැවැත්වෙන අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 28 වනදා අවසන් වනු ඇති.

Leave a comment