Ultimate magazine theme for WordPress.

අබුඩාබි නුවරට PSL ගෙනියන්න අවසර

කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී කල් දැමීමට සිදු වූ මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග අබුඩාබි හී දී පැවැත්වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනයට එක්සත් අරාබි එමීර් රජය විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව නවතම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කණ්ඩායම් හයේ හිමිකරුවන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එම රැස්වීමේ දී තරගාවලියට අදාළ සියලු කරුණු පිළිබද අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇති බව සදහන්.

තරගාවලියේ ඉතිරි තරග 20 කරච්චිහී දී ජූනි පළමු වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට මීට පෙර පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබූ නමුත්, කරච්චි නුවර පවතින කොවිඩ් 19 අර්බුදය සැලකිල්ලට ගනිමින් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කිරීම සුදුසු බවටයි කණ්ඩායම් හිමිකරුවන්ගේ අදහස වූයේ.

ඒ සම්බන්ධයෙන් සදහන් කරමින් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්වන කණ්ඩායම් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට ලිපියක් ද යොමු කර තිබුණා.

ඒ අනුවයි ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ එමිරේට්ස් බළධාරීන් අතර සාකච්ඡා සිදු වුණේ.

තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිළධාරීන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 6 වැනි අදියරේ තරග අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ පසුගිය මාර්තු 3 වැනිදායි.

Leave a comment