Ultimate magazine theme for WordPress.

අබිඩ් සහ අසාර්ගේ ශතක පාකිස්තානය ස්ථාවර කරයි – Day 1 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(7) ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව දිනය නිමා වන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 268ක් ලබා සිටියා.

සිය 3 වන ටෙස්ට් ශතකය වාර්තා කළ අබිඩ් අලී නොදැවී ලකුණු 118ක් රැස් කර ගනිමින් කඩුල්ලේ රැදී සිටින අතර, අසාර් අලී ලකුණු 126ක් රැස් කළා.

ඔහු අද වාර්තා කළේ සිය 18 වන ටෙස්ට් ශතකයයි.

ඉම්රාන් බට් සහ බබාර් අසාම් ලකුණු 2 බැගින් ලබා සිටියදී දැවී ගිය අතර, ෆවඩ් අලාම් ලබා ගත්තේ ලකුණු 5ක් පමණයි.

පන්දු යැවීමේ දී Blessing Muzarabani ලකුණු 41කට කඩුලු 3ක් බිද හෙලුවා.

Leave a comment