Ultimate magazine theme for WordPress.

අබ්බාස්ගේ ප්‍රාන්ත ගිවිසුම අවලංගු කෙරේ

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අබ්බාස් සමග මෙම වසර සදහා අත්සන් තැබුණු ගිවිසුම අවලංගු කිරීමට නොටින්හැම්ෂෙයාර් ප්‍රාන්ත කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර් ප්‍රාන්ත තරග වාරය කල් දැමීමට සිදු වීම හේතුවෙන්.

ඔහු මෙම තරග වාරයේ දී සිව්දින තරග 9ක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

ලබන ජූලි 30 වනදා පාකිස්තානය සහ එංගලන්තය අතර ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයට ද මොහොමඩ් අබ්බාස් නම් කර තිබෙනවා.

මෙවර තරග වාරය ඔහුට අහිමි වුව ද ඉදිරි තරග වාර සදහා මොහොමඩ් අබ්බාස් සම්බන්ධ කර ගැනීමට තමන් අවධානය යොමු කරන බවයි නොටින්හැම්ෂෙයාර් ප්‍රාන්ත කණ්ඩායමේ කළමණාරීත්වය සදහන් කළේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස් ක්‍රීඩකයින් රැසකටම මෙවර ප්‍රාන්ත තරග වාරයට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වුණා.

එංගලන්ත ප්‍රාන්ත තරග වාරය ආරම්භ කිරීම මේ වන විට අගෝස්තු පළමුවැනිදා දක්වා කල් දමා තිබෙනවා.

Leave a comment