Ultimate magazine theme for WordPress.

අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සී සී සී හා ටැමිල් යූනියන් අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ (Major Club League 3-Day Tournament) අවසන් මහා තරගය එළඹෙන 17 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

20 වැනිදා දක්වා සිව්දින තරගයක් ලෙස පැවැත්වෙන අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ඇත්තේ කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී) හා ටැමිල් යූනියන් කණ්ඩායමයි.

තරගාවලිය සදහා කණ්ඩායම් 26 ක් ක්‍රීඩා කළ අතර, කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වුණා.

A කාණ්ඩයේ පෙරමුණ දිනා ගැනීමට සී සී සී කණ්ඩායම සමත් වුණේ ක්‍රීඩා කළ තරග 12 න් තරග 5 ක් ජය ගනිමින්.

ක්‍රීඩා කළ තරග 12 න් තරග 5 ක් ජය ගත් ටැමිල් යූනියන් කණ්ඩායම B කාණ්ඩයේ පළමු ස්ථානය හිමි කර ගත්තා.

ප්‍රසාද ලකුණු සටහන –

SLC
Show Comments (1)