Ultimate magazine theme for WordPress.

අතිරේක ක්‍රීඩකයින් 6 දෙනෙකු සමග ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(13) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

සංචිතයට පළමුව නම් කෙරුණු අවිශ්ක ප්‍රනාන්දුට, ජනිත් ලියනගේට හා කමිල් මිෂාරට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඔවුන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන බව ක්‍රිකට් ආයතනය තහවුරු කළා.

පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ධනංජය ද සිල්වා මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

ශාරීරික යෝග්‍යතා මට්ටම නිසි පරිදි නොපවතින බැවින් ළහිරු කුමාර හා කලන පෙරේරාට එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇති අදාළ ක්‍රීඩකයින් වෙනුවට නව ක්‍රීඩකයින් 5 දෙනෙකු සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව අතිරේක ක්‍රීඩකයින් 6 දෙනෙකු ද නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

සංචිතය –

  1. Dasun Shanaka – (C)
  2. Avishka Fernando – He will not play in the series, as he has tested Positive for Covid-19
  3. Pathum Nissanka
  4. Minod Bhanuka
  5. Dhananjaya De Silva – (VC) – He will not play as he is on Paternity Leave
  6. Charith Asalanka
  7. Chamika Karunaratne
  8. Maheesh Theekshana
  9. Jeffrey Vandersay
  10. Lahiru Kumara – He will not play as he has not fulfilled the ‘fitness standards’
  11. Nuwan Thushara
  12. Janith Liyanage – He will not play in the series, as he has tested Positive for Covid-19
  13. Ramesh Mendis
  14. Praveen Jayawickrama
  15. Dushmantha Chameera
  16. Chamika Gunasekera
  17. Kalana Perera – He will not play as he has not fulfilled the ‘fitness standards’
  18. Kamil Mishara – He will not play in the series, as he has tested Positive for Covid-19

ආදේශ කෙරුණු ක්‍රීඩකයින් –

  1. Dinesh Chandimal
  2. Kusal Mendis
  3. Nuwan Pradeep
  4. Shiran Fernando
  5. Kamindu Mendis

අතිරේක ක්‍රීඩකයින් –

  1. Ashen Bandara
  2. Pulina Tharanga
  3. Nimesh Vimukthi
  4. Ashian Daniel
  5. Asitha Fernando
  6. Vishwa Fernando
Leave a comment