Ultimate magazine theme for WordPress.

අත්අඩංගුවට ගත් දඹුල්ල තන්ඩර්ස් හිමිකරු බන්ධනාගාරයට

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු වන Tamim Rahman නමැත්තා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බව newswire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තරග පාවාදීමට අදාළ චෝදනාවක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයා බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත බංග්ලාදේශ ජාතිකයෙකු බවයි සදහන් වන්නේ.

ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

LPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ දී කොළඹ දී පැවැති පසුබිමකයි දඹුල්ල කණ්ඩායමේ හිමිකරු මෙලෙස අද දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Leave a comment