Ultimate magazine theme for WordPress.

අක්මාල් ලංකා ප්‍රිමියර් ලීගයට

පාකිස්තාන පිතිකරු කම්රන් අක්මාල් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව  ඔහු දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බව සදහන්.

38 හැවිරිදි ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගයක් සදහා ක්‍රීඩා කර ඇත්තේ 2017 වසරේ දී යි.

බොලිවුඩ් නලුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන සචින් ජෝෂි (Sachin Joshi) දඹුල්ල කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කරනවා.

දඹුල්ල වයිකින්ග් (Dambulla Viiking) කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම් කර සිටි එංගලන්තයේ ජෝන් ලුවිස් පසුගියදා එම ධූරයෙන් ඉවත් කෙරුණු අතර, කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරන්නේ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක Owais shah.

Leave a comment