IPL වැඩිම වැටුප කෝලිට – IPL නායකයන්ට ලැබෙන වැටුප් මෙන්න

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යනු මුදල් කෝටි ගණනින් හුවමාරු වන තරගාවලියක් බව අමතුවෙන් සදහන් කළ යුතු නොවේ.
ක්‍රීඩකයින්, පුහුණුකරුවන් කෝටි ගණන් වැටුප් ලබද්දී කණ්ඩායම් හිමිකරුවන් මෙන්ම ඉන්දීය ක්‍රිකට් ආයතනය ද කෝටි සිය ගණනින් ආදායම් ලබන බව නොරහසක්
නිල රූපවාහිනී විකාශන අයිතිය හිමි සමාගමට ද හිමිවන ලාභය සුළුපටු නොවේ.
අයි.පී.එල් හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම්වල පුහුණුකරුවන්ට හිමි වන වැටුප් පිළිබදව මීට පෙර අප ඔබට තොරතුරු ගෙන ආවා.
අද අප අවධානය යොමු කරන්නේ කණ්ඩායම් අටේ නායකයින්ට හිමි වන වැටුප් පිළිබදවයි. –
විරාට් කෝලි (RCB) – ඉන්දීය රුපියල් කෝටි 17 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 43)
මහේන්ද්‍ර සිං දෝනි (CSK) – ඉන්දීය රුපියල් කෝටි 15 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 38)
රෝහිට් ෂර්මා (MI) – ඉන්දීය රුපියල් කෝටි 15 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 38)
ස්ටීව් ස්මිත් (RR) – ඉන්දීය රුපියල් කෝටි 12 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 30)
ඩේවිඩ් වෝනර් (SRH) – ඉන්දීය රුපියල් කෝටි 12 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 30)
කේ.එල් රාහුල් (KXIP) – ඉන්දීය රුපියල් කෝටි 11 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 28)
දිනේෂ් කාර්තික් (KKR) – ඉන්දීය රුපියල් කෝටි 7.4 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 18.7)
ෂ්රෙයස් අයියර් (DC) – ඉන්දීය රුපියල් කෝටි 7 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 18)