Watch : සැමී අසරණ කළ කුලසේකරගේ සුපිරි යෝකර් පන්දුව

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ (Legends League Cricket) දෙවැනි තරගය අද(21) රාත්‍රී 8ට ආරම්භ වුණේ Asia Lions කණ්ඩායම හා World Giants  කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් World Giants නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 205ක් රැස් කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කෙවින් ඕබ්‍රයන් පන්දු 46කින් ලකුණු 95ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර හා මොහොමඩ් හෆීස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස කෙවින් පීටර්සන් දවා ගැනීමට සමත් වුණේ චමින්ද වාස්.

එම දැවී යාමට පෙර ඔහු විසින් යවනු ලැබූ පන්දු දෙකටම හයේ පහර 2ක් එල්ල කිරීමට පීටර්සන් සමත් වූ පසුබිමකයි චමින්ද වාස් විසින් එම කඩුල්ල දවා ගත්තේ.(දර්ශන පහතින්)

නායක ඩැරන් සැමීගේ කඩුල්ල දවා ගැනීම සදහා නුවන් කුලසේකර විසින් සුපිරි යෝකර් පන්දුක් යොමු කිරීම ද බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා.(දර්ශන පහතින්)

Comments (0)
Add Comment