Watch : වනිදු හසරංග දවා ගත් කඩුලු 4

බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද(15) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 286 ක් ලබා ගනිමින්. තව්හිද් හ්රිදෝයි නොදැවී ලකුණු 96 ක් රැස් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හොදම පන්දු යැවීමේ දක්ෂතාවය පෙන්නුම් කළේ වනිදු හසරංග. ඔහු ලකුණු 45 කට කඩුලු 4ක් දවා ගත්තා.

වනිදුගේ පන්දු හමුවේ දැවී ගියේ සෞම්‍ය සාකාර්, මහ්මුදුල්ලාහ්, මුෂ්ෆිකර් රහීම් හා මෙහිදි හසාන්.

එම කඩුලු හතර පහතින් නරඹන්න –

Comments (0)
Add Comment