Watch : කෝලි හා බෙයාර්ස්ටව් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 84ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 25ක් ලබා සිටි නායක බෙන් ස්ටොක්ස්.

යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජොනී බෙයාර්ස්ටව් පන්දු 140කින් ලකුණු 106ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 14ක් ඇතුළත්.

ඔහුගේ ඉනිම අතරතුර දී ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි හා බෙයාර්ස්ටව් අතර යම් උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වනු දක්නට ලැබුණා.

මේ වන විටත් ඊට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා හුවමාරු වෙමින් ඇති බවක් දක්නට ලැබෙනවා.

මෙම තරගය එංගලන්තයේ බර්මිංහැම් හී දී පැවැත්වෙන අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 416ක්.

පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 284ක් රැස් කළා.

Comments (0)
Add Comment