ජැෆ්නා ස්ටැලියන්ස් ජය සැමරූ හැටි – කණ්ඩම්බිගෙන් රසල්ටත් විශේෂ ස්තූතියක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම එය සැමරූ ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන කිහිපයක් මේ වන විට එම කණ්ඩායමේ මාධ්‍ය අංශ්‍ය විසින් නිකුත් කර තිබෙනවා.

පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා විසින් සියලු ක්‍රීඩකයින් ආමන්ත්‍රණය කළ වීඩියෝවක් ද ඊට ඇතුළත්.

එහිදී පාර්ශව රැසකට ස්තූතිය පල කළ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි විසින් එක් පුද්ගලයෙකුට විශේෂ ස්තූතියක් ද පුද කළා.

ඒ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආනල්ඩ් මහතා වෙතයි.

තරගාවලිය ආරම්භයට පෙර සිටම ඔහු තමාටත්, කණ්ඩායමටත් බෙහෙවින් උපකාර කළ බවයි පුහුණුකරු සදහන් කළේ.

වීඩියෝ දර්ශන සහ ඡායාරූප පහතින් –

Comments (0)
Add Comment