අර්ශ්දීප්ගේ පන්දුවකට ලිවින්ග්ස්ටන් එල්ල කළ මීටර් 97 ක දැවැන්ත හයේ පහර – ( video )

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යනු ලොව ජනප්‍රියම ලීග් ක්‍රිකට් තරගාවලිය පමණක් නොව රටවල් රැසක ක්‍රිකට් තරු රැසකගේ සුපිරි දක්ෂතා ද දැක ගත හැකි වේදිකාවක්.

තරගාවලියේ 32 වන තරගයේ දී ද මෙවැනි සුපිරි දක්ෂතා කිහිපයක්ම දැක ගත හැකි වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ එංගලන්ත පිතිකරු ලියම් ලිවින්ග්ස්ටන් පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගයේ දී සුපිරි හයේ පහරක් එල්ල කිරීමට සමත් වූ අතර, ඒ පිළිබද මේ වන විටත් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඩුබායි ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාර මතට එල්ල කෙරුණු අදාළ හයේ පහරේ දිග සටහන් වුණේ මීටර් 97ක් ලෙසයි.

රාජස්ථාන් ඉනිමේ 12 වන පන්දුවාරය යොමු කළ අර්ශ්දීප් සිංග්ට එරෙහිව එම පන්දුවාරයේ 4 වන පන්දුවට මෙම දැවැන්ත හයේ පහර එල්ල කිරීමට ලිවින්ග්ස්ටන් සමත් වුණා.

කෙසේ වෙතත්, එම පන්දුවාරයේම 5 වන පන්දුවට ලිවින්ග්ස්ටන් දැවී ගියේ ෆේබියන් ඇලන් රැකගත් සුපිරි උඩ පන්දු රැක ගැනීමක් හමුවේයි.

ඒ වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 25(17)ක්.

Comments (0)
Add Comment