අන්වර් අලීගේ උපන් දිනයට දික්වැල්ල හා ළහිරු දුන් සුපුරුදු සංග්‍රහය

අදින් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දඹුල්ල වයිකින්ග් කණ්ඩායම නියෝජනය කරන පාකිස්තාන  ක්‍රීඩක අන්වර් අලීගේ 33 වන උපන් දිනය ඊයේ (25) දිනයට යෙදී තිබුණා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව පුහුණුවිම්වල නිරතව සිටින අතරවාරයේ දී දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔහුගේ උපන් දිනය සැමරීමට ද කටයුතු කළා.

එහිදී නිරෝෂන් දික්වැල්ල හා ළහිරු කුමාර අන්වර් අලීගේ උපන් දින සැමරුම සදහා ගෙන ආ කේක් ගෙඩියෙන් කොටසක් සුපුරුදු පරිදි අන්වර් අලීගේ මුහුණු ප්‍රදේශයේ තැවරීමට ද අමතක කළේ නැහැ. (දර්ශන නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න)

මෙවර තරගාවලිය යටතේ දඹුල්ල කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ලබන 28 වනදා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Comments (0)
Add Comment