2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා යොදා ගැනෙන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ක්‍රීඩාංගන ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද නිවේදනය කළා.
ඒ අනුව කැරිබියන් දූපත් 7කදී තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩාංගන 3 ක් ද ලෝක කුසලාන 20යි 20 තරගාවලිය සදහා යොදා ගැනෙන බව ඊයේ නිවේදනය කෙරුණා.(Dallas, Florida හා New York)
කොදෙව් දූපත්හි Antigua & Barbuda, Barbados, Dominica, Guyana, St Lucia, Trinidad & Tobago, හා St Vincent & The Grenadines හී දී ද තරග පැවැත්වීමට නියමිතව ඇති බවයි අයි.සී.සීය අද නිවේදනය කළේ.
තරගාවලිය 2024 වසරේ ජූනි 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත රටවල් ගණන 20 ක්. තරග 55 ක් තරගාවලියට ඇතුළත්.