LPL තරගාවලිය නැරඹූ ලොව පුරා ප්‍රේක්ෂකයින් ප්‍රමාණය නිවේදනය කෙරේ

2020 වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලොව පුරා මිලියන 557ක ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එල්.පී.එල් තරගාවලියේ පළමු අදියර වූ 2020 තරගාවලිය Sky Sports, Sony Sports Network, Geo, PTV and Willow TV යන රූපවාහිනී නාලිකා ඔස්සේ  ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල් සදහා සජීවීව විකාශය කරනු ලැබුවා.

ඒ අනුව එය රූපවාහිනිය ඔස්සේ නරඹා ඇති ප්‍රේක්ෂක පිරිස මිලියන 155ක්.

සමාජ මාධ්‍ය ඔස්සේ තරගාවලිය නරඹා ඇති පිරිස මිලියන 218ක් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මුද්‍රිත හා ඔන්ලයින් මාධ්‍ය (online media) හරහා තරගාවලිය සමග එක් වූ පාඨක පිරිස මිලියන 184ක් වන බව සදහන්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (දෙවැනි අදියර) ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

Comments (0)
Add Comment