LPL තරගාවලියට පාකිස්තානයෙනුත් කණ්ඩායමක්

ඉදිරියෙදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා පාකිස්තානයෙන් ද කණ්ඩායමක් සහභාගීවීමට වැඩි ඉඩකඩක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ඩේලි එක්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ඒ සදහා වන සාකච්ඡා ශ්‍රී ලංකා බළධාරීන් සහ පාකිස්තාන පාර්ශවය අතර මේ වන විටත් සිදු වන බවයි.

මේ පිළිබද නිල නිවේදනය ඉදිරියෙදී නිකුත් වනු ඇති බව ද සදහන්.

නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මෙම තරගාවලිය පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

එල්.පී.එල් තරගාවලිය සදහා පාකිස්තාන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් වන ශහීඩ් අෆ්රිඩි, ෂොයිබ් මලික් හා මොහොමඩ් හෆීස් ද ක්‍රීඩා කරනු ඇති බවටයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ.

ශේන් වොට්සන්, ඒබී ඩි විලියස් හා ඉයන් මෝර්ගන් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද තරගාවලියට එක් වීමට ඉඩ තිබෙනවා.

එල්.පී.එල් තරගාවලිය එළඹෙන 28 වනදා ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද, එය කල් දැමීමටයි පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ.

 

Comments (0)
Add Comment