මැයි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(8) නිවේදනය කළා.
ඊට ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද ඇතුළත්.
බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ප්‍රවීන් ජයවික්‍රම මෙලෙස නිර්දේශිත නාම අතරට එක්ව තිබෙනවා.
ඔහුට අමතරව පාකිස්තානයේ හසන් අලී සහ බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් ද නිර්දේශිත නාම අතරට අයත්.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්, තරග විකාශකයින් ඇතුළත් ස්වාධීන මනාප ඇකඩමියක් විසින් ප්‍රේක්ෂක මනාපයන් ද සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය මාසිකව පිරිනමනු ලබනවා.
ඒ සදහා මනාපය පල කිරීමට මෙතන ක්ලික් කරන්න
- හසන් අලී – ටෙස්ට් කඩුලු 14 (සාමාන්‍ය 8.92)
- ප්‍රවීන් ජයවික්‍රම – ටෙස්ට් කඩුලු 11 (සාමාන්‍ය 16.18)
- මුෂ්ෆිකර් රහීම් – එක්දින ලකුණු 237 (සාමාන්‍ය 79.00)