ෆකාර් ඉවතට ; 20යි 20 ලෝක කුසලානයට නම් කළ පාකිස්තාන සංචිතය මෙන්න

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නිවේදනය කර තිබෙනවා.

බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

දණහිසක ආබාධයක් හේතුවෙන් ෆකාර් සමාන්ට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇතත්, ඔහුව අතිරේක ක්‍රිඩකයෙකු ලෙස නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ශාන් මසූඩ් පළමු වරට 20යි 20 සංචිතයට නම් කර ඇති අතර, ආබාධයකට ලක් වීම හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි ලෝක කුසලාන සංචිතය සදහා කැදවා තිබෙනවා.

මොහමඩ් හස්නයින් ප්‍රධාන සංචිතයට නම් කර ඇති අතර, ශහ්නවාස් දහානි අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි නම් කර ඇත්තේ.

උස්මාන් කාදීර් ද සංචිතයේ සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියට පෙර මෙම සංචිතය නවසීලන්තයේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

පාකිස්තානය, නවසීලන්තය හා බංග්ලාදේශය අතර ඔක්තෝබර් 7 වැනිදා සිට 14 වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා ඔස්ටේ්‍රලියාවේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, එංගලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 7 කින් යුත් 20යි 20 තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය ද ප්‍රකාශයට පත් කර ඇති අතර, ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් එම සංචිතයට ශහීන් ශාහ් හා ෆකාර් සමාන් ඇතුළත්ව නැහැ.

T20 World Cup squad:

Babar Azam (c), Shadab Khan, Asif Ali, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan (wk), Mohammad Wasim Jnr, Naseem Shah, Shaheen Afridi, Shan Masood, Usman Qadir

Reserves: Fakhar Zaman, Mohammad Haris, Shahnawaz Dahani

England series squad:

Babar Azam (c), Shadab Khan, Asif Ali, Mohammad Hasnain, Haider Ali, Mohammad Nawaz, Mohammad Rizwan (wk), Haris Rauf, Mohammad Wasim Jnr, Amir Jamal, Iftikhar Ahmed, Naseem Shah, Mohammad Haris Khushdil Shah, Shahnawaz Dahanim Shan Masood, Usman Qadir, Abrar Ahmed

Comments (0)
Add Comment