සිව් දෙනෙකුට දෙවැනි ටෙස්ට් තරගය අහිම් වෙයි

නවසීලන්තය සමග අද ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකුට අහිමි වී තිබෙනවා.

ඒ, එම ක්‍රීඩකයින් ආබාධයන්ට ලක් වීම හේතුවෙන්.

රවීන්ද්‍ර ජඩේජා, ඉෂාන්ට් ෂර්මා හා අජින්කෙයා රහානේ යන ක්‍රීඩකයින් මෙලෙස ආබාධවලට ලක්ව ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔවුන් තිදෙනාම ආබාධවලට ලක්ව ඇත්තේ දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී යි.

මේ අතර, නවසීලන්ත නායක කේන් විලියම්සන්ට ද දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

වම් වැලමිටෙහි ආබාධ තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුට අද තරගය අහිමි වී ඇති බව සදහන්.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයේ දී නවසීලන්ත කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ටොම් ලේතම්ට හිමිව තිබෙනවා.

Comments (0)
Add Comment