සංගක්කාර රාජස්ථාන් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත් කර තිබෙනවා.

ඒ, එළ‍ඹෙන තරග වාරය අරමුණු කර ගනිමින්.

එමෙන්ම කණ්ඩායමේ නායකත්වය ද සංජු සැම්සන් වෙත පැවරීමටයි කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

මීට පෙර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ස්ටීවන් ස්මිත් සංචිතයෙන් නිදහස් කිරීමට ද අද(20) තීරණය කෙරුණා.

ඒ, පසුගිය තරග වාරයේ දී රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වෙමින් දැක් වූ අසාර්ථකත්වය පදනම් කර ගනිමින්.

පිතිකරුවෙකු ලෙස ද ස්මිත් තරගාවලියේ දී සැලකිය යුතු දක්ෂතාවයක් දැක් වූයේ නැහැ.

WORLD NEWS
Comments (0)
Add Comment