ශ්‍රී ලංකා ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා අද(11) දිනයේ දී කොරෝනා වෛරසයට (කොවිඩ් 19) අදාළ වෛද්‍ය පරීක්ෂණ (PCR) සිදු කර තිබෙනවා.

ඒ, කොළඹ පිහිටි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ දී යි.

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පදනම් කර ගනිමින් මෙම වෛද්‍ය පරීක්ෂණවලට ක්‍රීඩකයින් යොමු කර ඇති බව සදහන්.

තරගාවලියට එක්වන සියලුම කාර්ය මණ්ඩල, සහායක කාර්ය මණ්ඩල, දේශීය ක්‍රීඩකයින් සහ විකාශන කාර්ය මණ්ඩලය තරඟාවලිය ආරම්භ වීමට පෙර දින 14 ක නිරෝධායනයකට ලක් කිරීමට නියමිතයි.

ඒ අනුව ඔවුන් සියලු දෙනාම PCR පරීක්ෂණවලට ද භාජනය කෙරෙනු ඇති.

තරඟාවලියට සහභාගී වීමට පැමිණෙන විදෙස් ක්‍රීඩකයින් ද PCR පරීක්ෂණවලට යොමු කෙරෙන අතර ඔවුන් දින 7 ක කාලයක් නිරෝධායනයකට ලක් කිරීමට නියමිතයි.

තරගාවලිය එළඹෙන 26 වනදා, එනම් තවත් දින 15කින් හම්බන්තොටදී ආරම්භ වනවා.

  • ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ දුන් අයුරු –

Comments (0)
Add Comment