ශ්‍රී ලංකා සංචාරය අභියස බංග්ලාදේශ ආරම්භක පිතිකරුට කොරෝනා

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන Saif Hassan ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් සූදානම් වන ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු යොමු කළ වෛද්‍ය පරීක්ෂණයකදීයි මේ බව අණාවරනය වී ඇත්තේ.

නික් ලී නම් පුහුණුකරුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සදහන්.

බංග්ලාදේශ ක්‍රීඩකයින් ලබන 27 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

එහිදී දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, ඔක්තෝම්බර් මස මැද දී එම තරගාවලිය ආරම්භ කිරීමටයි සැලසුම් සකස් කර ඇත්තේ.

Comments (0)
Add Comment