ක්‍රීඩකයින් 41 දෙනෙකු සදහා නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබා දීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
A1, A2, B2, C1, C2, හා ‘A’ කණ්ඩායම යන කාණ්ඩ හය යටතේ මෙම ක්‍රීඩක කොන්ත්‍රාත් ලබා දී ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ක්‍රීඩකයින් සදහා ගෙවනු ලබන තරග ගාස්තු ද ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය තහවුරු කර සිටියා.
ටෙස්ට් තරග වෙනුවෙන් ලබා දෙන තරග ගාස්තු 100 % කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර, දක්ෂතා මත එම ගෙවීම් සිදු කරනු ඇති.
ඒ අනුව ටෙස්ට් තරගයක් ජය ගත් විට, ජය පරාජයෙන් තොරව අවසන් වූ විට හා පරාජයට පත් වූ විට ගෙවීම් සිදු කරනු ලබන්නේ විවිධ ක්‍රමවේද යටතේයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ එක්දින හා විස්සයි 20 ජාත්‍යන්තර තරග සදහා ගෙවනු ලබන තරග ගාස්තු ද 25% කින් ඉහළ නංවා ඇති බවයි.
මේ අතර, ක්‍රීඩකයින් අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට හෝ දෙවැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ස්ථානයක් හිමි කර ගත් අවස්ථාවලදී ද එම ක්‍රීඩකයින්ට මූල්‍ය ත්‍යාගයක් ලබා දීමට ද තීරණය කර තිබෙනවා.
එමෙන්ම, තරග සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ට ලබා දෙන දෛනික දීමනා ද ඉහළ නැංවීමටයි ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් –
- Dimuth Karunaratne
- Dinesh Chandimal
- Wanindu Hasaranga
- Angelo Mathews
- Kusal Mendis
- Dhananjaya De Silva
- Charith Asalanka
- Pathum Nissanka
- Dasun Shanaka
- Maheesh Theekshana
- Kasun Rajitha
- Prabath Jayasuriya
- Dushmantha Chameera
- Dilshan Madushanka
- Asitha Fernando
- Sadeera Samarawickrama
- Ramesh Mendis
- Kamindu Mendis
- Chamika Karunaratne
- Dunith Wellalage
- Lahiru Kumara
- Nishan Madushka
- Matheesha Pathirana
- Kusal Janith Perera
- Vishwa Fernando
- Jeffrey Vandersay
- Pramod Madushan
- Janith Liyanage
- Akila Dananjaya
- Praveen Jayawickrama
- Nuwan Thushara
- Sahan Arachchige
- Nuwanidu Fernando
- Dushan Hemantha
- Lasith Embuldeniya
- Binura Fernando
- Shevon Daniel
- Niroshan Dickwella
- Ashen Bandara
- Oshada Fernando
- Avishka Fernando