වනිදු එක්දින හා 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම එක්දින හා 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් එහි පන්දු යවන්නන් අතර 8 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලියේ දැක් වූ දක්ෂතා හේතුවෙන්.

මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ මෙහිදි හසාන් මිරාස් 4 වැනි ස්ථානය දක්වා පහතට වැටී ඇති අතර, ඇෆ්ඝනිස්ථානයේ මුජීබ් රෙහ්මාන් 2 වැනි ස්ථානය දක්වාත්, එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් 3 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 22කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මෙතෙක් 58 වන ස්ථානයේ රැදී සිටි ඔහු මේ වන විට රැදී සිටින්නේ 36 වන ස්ථානයේයි.

වනිදු හසරංග 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයේ රැදී සිටීම ද විශේෂත්වයක්.

SRI LANKA NEWS
Comments (0)
Add Comment