මෝර්ගන්ට නව උප නායකයෙක්

එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලී එරට එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර තිබෙනවා.

ඒ, එළඹෙන අයර්ලන්ත එක්දින තරගාවලිය වෙනුවෙන්.

තරගාවලිය සදහා වන මූලික සංචිතය වෙනුවෙන් නිත්‍ය උප නායක ජොස් බට්ලර් නම් කර නොමැති වීම හේතුවෙන් මෙලෙස මොයීන් අලී උප නායකයා ලෙස පත් කර ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 30 වනදා සවුත්හැම්ටන් හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වෙනු ඇති.

අයර්ලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් පුහුණු සංචිතයක් එංගලන්ත ක්‍රිකට් ආයතනය පසුගියදා නම් කළ අතර, ඉයන් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට බෙන් ස්ටොක්ස්, ජෝ රූට්, ජොෆ්ර ආචර් සහ ජොස් බට්ලර් නම් කර තිබුණේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය අගෝස්තු 4 වනදා පැවැත්වෙන අතර, අනතුරුව ඊට පසු දින එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

ඒ හේතුව පදනම් කර ගනිමින් ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම සංචිතයට නම් කර නොමැති බවයි වාර්තා වුණේ.

තරගාවලිය සදහා වන අවසන් සංචිතය ඉදිරියේ දී නම් කිරීමට නියමිතයි.

Ireland fixtures :

22 July – Practice match
26 July – vs England Lions (warm-up match)
30 July – vs England (1st ODI)
1 August – vs England (2nd ODI)
4 August – vs England (3rd ODI)

 

Comments (0)
Add Comment