ක්යල් මේයර්ස්ගේ විශිෂ්ඨ ඉනිම හා මාර්ක් වුඩ්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 50 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.
ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 193 ක් ලබා ගත්තා.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ක්යල් මේයර්ස් පන්දු 38 කින් ලකුණු 73 ක් රැස් කළේ හයේ පහර 7 ක් හා හතරේ පහර 2ක් සමගින්. නිකලස් පූරාන් පන්දු 21 කින් ලකුණු 36 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් ලකුණු 30 කට කඩුලු 2 ක් හා චේතන් සාකරියා ලකුණු 53 කට කඩුලු 2ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.
ඩේවිඩ් වෝනර් පන්දු 48 කින් ලකුණු 56 ක් රැස් කළේ හතරේ පහර 7 ක් ද සමගින්.රයිලී රොසෝව් ලකුණු 30 යි.
පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 14 ක් පමණක් ලබා දෙමින්. අවේශ් ඛාන් හා රවී බිෂ්නෝයි කඩුලු 2 බැගින් බිද හෙලුවා.