මසූඩ් වෙනුවට රිස්වාන්ට නායකත්වය

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට තරග වදින මුල්ටාන් සුල්ටාන් කණ්ඩායමේ නායකත්වය කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ට හිමිව තිබෙනවා.

ඒ අනුව එළඹෙන තරග වාරයේ සිට ශාන් මසූඩ් වෙනුවට මොහොමඩ් රිස්වාන් එම කණ්ඩායම මෙහෙයවනු ඇති.

මුල්ටාන් කණ්ඩායම පසුගිය තරග වාරයේ දී අවසන් වටය (playoffs) දක්වා රැගෙන යාමට ශාන් මසූඩ් නායකත්වය දෙනු ලැබුවා.

මීට පෙර මොහොමඩ් රිස්වාන් පසුගිය තරග වාරයේ දී ශූරතාවය දිනා ගත් කරච්චි කිංග්ස් කණ්ඩායමයි නියෝජනය කළේ.

කෙසේ වෙතත්, මෙවර තරග වාරය සදහා වන ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී මොහොමඩ් රිස්වාන්ව මුල්ටාන් සුල්ටාන් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 6 වන අදියර එළඹෙන 20 වනදා ආරම්භ වීමට නියමිතයි.

WORLD NEWS
Comments (0)
Add Comment