බුම්රා යුග දිවියට

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ඉදිරි දිනකදී විවාහ වීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එංගලන්තයට එරෙහි සිව්වැනි ටෙස්ට් තරගයෙන් ඔහු ඉවත් වීමට තීරණය කර ඇත්තේ ද ඒ හේතුව නිසා බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික හේතුවක් මත බුම්රා ඉන්දීය ටෙස්ට් සංචිතයෙන් ඉවත් වන බව මීට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබුණා.

කෙසේ වෙතත්, මේ වන විට වාර්තා වන්නේ ඔහු සිය විවාහ උත්සවයට සූදානම් වීම සදහා මෙලෙස ඉන්දීය සංචිතයෙන් ඉවත්ව ඇති බවයි.

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලියෙන් ද බුම්රා විවේක ගැන්වීමටයි තේරීම් කමිටුව කටයුතු කර ඇත්තේ.

WORLD NEWS
Comments (0)
Add Comment