බංග්ලාදේශ හිටපු නායක ඛාන්ටත් කොරෝනා

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අක්‍රම් ඛාන්ට කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.

52 හැවිරිදි ඔහු මේ වන විට එරට ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී ලෙසයි කටයුතු කරන්නේ.

මේ වන විට ඔහුව සිය නිවස තුළම හුදෙකලා කිරීමට ලක් කර ඇති බව සදහන්.

මේ අතර, බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මේ වන විට කොරෝනා වෛරසයට එරෙහි එන්නතෙහි දෙවැනි මාත්‍රාව ද ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හෙට(12) දිනයේ දී ඔවුන් ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර, ඊට පෙර බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ඊයේ(10) දිනයේ දී මෙලෙස එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එහි පළමු මාත්‍රාව ඔවුන්ට ලබා දී තිබුණේ නිමා වූ නවසීලන්ත තරග සංචාරය ආරම්භ කිරීමට පෙර පෙබරවාරි මාසයේ දී යි.

WORLD NEWS
Comments (0)
Add Comment