පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

පාකිස්තාන A කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් – නොවැම්බර් මාසවලදී මෙරට තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(29) නිවේදනය කළා.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ඔක්තෝබර් 21 වනදා පාකිස්තාන A කණ්ඩායමට මෙරටට ළගා වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරග පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සිව්දින තරග මහනුවර දී පැවැත්වීමට නියමිතව ඇතත්, එක්දින තරග පැවැත්වෙන ක්‍රීඩාංගනයක් පිළිබද ප්‍රකාශයට පත් කර නැහැ.

තරග කාලසටහන –

SLC
SRI LANKA NEWS
Comments (0)
Add Comment