පළමු 20යි 20 ගැටුම අද

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද(22) ආරම්භ වනවා.

පළමු තරගය අද මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වන්නේ ක්‍රයිස්චර්ච් හී දී යි.

ඔස්ට්‍රේලියාව තරග 5කින් යුත් 20යි 20 තරගාවලියක් ක්‍රීඩා කරන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

දෙරට අතර මෙතෙක් පවත්වා ඇති 20යි 20 තරග සංඛ්‍යාව 9ක්.

ඉන් තරග 7ක් ඔස්ට්‍රේලියාව ජය ගෙන ඇති අතර, නවසීලන්තය ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණයි.

WORLD NEWS
Comments (0)
Add Comment