සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මවුන්ට් මංගනුයිහී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(2) නිමා වුණා.
ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 175ක්.
සිය පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ මහ්මුදුල් හසාන් නොදැවී ලකුණු 70ක් ලබා සිටින අතර, නජ්මුල් හුසේන් ශන්ටෝ ලකුණු 64ක් රැස් කළා.
පන්දු යැවීමේ දී බිද වැටුණු කඩුලු දෙකම දවා ගත්තේ නෙයිල් වෑග්නර් විසින්.
අද දිනය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 258ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 328ක් පමණයි.
ඩෙවෝන් කොන්වේ ලකුණු 122ක් රැස් කළා. හෙන්රි නිකල්ස් ලකුණු 75යි.
පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් හා මෙහිදි හසාන් කඩුලු 3 බැගින් දවා ගත්තා.
ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිමේ දී මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 153 ක්.