නවක වේග පන්දු යවන්නා හෙරොයින් සමග අත්අඩංගුවට

මෑතකදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 හැවිරිදි මෙම ක්‍රීඩකයා කුලියාපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 700ක් සන්තකයේ තබා ගෙන සිටියදීයි.

අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සදහන්.

මෙම ක්‍රීඩකයා සිය මංගල ජාත්‍යන්තර තරගයේ දී විශිෂ්ඨ දස්කම් දැක්වීමට ද සමත් වූ ක්‍රීඩකයෙක්.

Comments (0)
Add Comment